ඔබගේ මුඳල් සැලැස්ම




අප ගසක් පැල කර එයින් බලපොරොත්තුවන පල හෝ මල් නිසි ආකාරව නොලබුනොත් අප සාත්තු කරන්නේ ගසේ කොයි ස්ථානයටද? අප සාත්තු කරන්නේ එසේත් නැත්තම්  පොහොර සහ වතුර දමන්නේ ගසේ මූල් වලට නොවේද? එසේ ගසේ මුල් වලට සත්තු කලවිට ගසේ මල් සහ පල නිරෝගීව සහ අලන්කාරව වැඩෙන ආකාරය  ඔබ අත් දැක ඇත කියා මා සිතනවා.


          ඒ ආකාරයට යම් පුද්ගලයෙක් ප්‍රනවත් කමින් සහ සාර්ථකත්වයෙන් අඩුනම් අප සාත්තු කල යුත්තේ කොතනටද? අප සාත්තු කල යුත්තේ ගස් වැල් වලට වාගේම ඒ පුද්ගලයාගේ මුල් වලටය. ගස් වැල් වල වාගේම මිනිසුන්ගේත් මුල් පිහිටා ඇත්තේ පිටට නොපෙනෙන ලෙස අභ්‍යන්තරයේයි. අපගේ මුල් නම් අපගේ සිතයි, අපගේ යටි සිතයි. අප දූර්වල වු විට අප සාත්තු කල යුත්තේ අපගේ සිත් වලටයි.

          එසේ නම් සමහර මිනිසුන් පොහොසත් වීමටත් සමහර මිනිසුන් දූප්පත් වීමටත් එකම හේතුව අපගේ මුල් වන අපගේම සිතය. අප පොහොසත් වීමට අපගේ මුල් වලට පොහොසත් වීමේ පොහොර දැමිය යුතුය.
 
සිත නැමැති මුල් වලට පොහොසත්කම නැමති  පොහොර දැමීමේ පියවර.

ගසකට පොහොර දැමීමට ප්‍රථම අප කරන්නේ කුමක්ද? අප් ඒ ගසේ මුල් අවට සුද්ද කරනවා නොවෙද? වල් පැල ගලවා අප ඒ ගස අවට සුද්ද කර ඊට පසුවයි පොහොර දමන්නේ.

එසේ නම් අපත් අපගේ මුල් අසල මුලට බැදී ඇති වල් පැල පරිස්සමින් ගලවා ඉවත දමා ඒවා නැවත නොපැමිනෙන ලෙස පුලුස්සා දැමිය යුතුය.එසේ නම් අපගේ සිතේ වර්ධනය වී ඇති වල් පැල මොන වාද? ඒවා  ඉවත් කරන්නේ කෙසේද කියා දැන් බලමු.

සිතේ ඇති වල් පැල හදූනා ගනිමු.

අප මුදල් ගැනත් පොහොසත් මිනිසුන් ගැනත් සිතන්නේ කුමක්ද?

1 මුදල් සෑම නරක වැඩකටම මුලයි.

2 පොහොසතුන් ලෝබයි.

3 ඔවුන් ඉතා නරකයි (පොහොසත් මිනිස්සු ලග මනුස්සකම නෑ).

4 මුදල් වලට සතුට ලබා දෙන්න බැ.

5 පෝසතුන්ට ස්වර්ගයට යාමට බැ.

6 මුදල් කියන්නේ සර්පයෙක්.

7 සල්ලි ගස් වලින් කඩා ගන්න බැ.

8 හොද වැඩ වලින් සල්ලිහම්බ කරන්න බැ.

9 පොහොසත් මිනිස්සු පොහොසත් වෙන අතර දූප්පතුන් තවත් දූප්පත් වෙනවා.

10 කාසි වලට ගන්නත් බැ කසි වලට දන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ.

ඔබ එවැනි වදන් අසා ඇතුවාට කිසි සකයක් නෑ. නමුත් මොහොතක් සිතන්න, අප හැමදාම ප්‍රාර්ථනා කරන්නේ තවත් මුදල් නොවේද? අප ණයට, පොලියට ගන්න උත්සහ කරන්නේ, හැමදාම මහන්සිවී උපයන්න උත්සහ කරන්නේ ඒ මුදල්ම නිවෙයිද? එසේ නම් අපි ඇයි මෙවැනි කතා මෙවැනි කටු පදූරු අපේ සිත් නැමති මුල් ලග වැඩෙන්න සලස්වාගෙන  ඒ වාට වර්ධනය වීමට ඉඩ සලසා තිබෙන්නේ.

අප අපගේ සිත් නමැති මුල් වලට දාන සියලුම වතුරයි පොහොරයි මල් පැල ලබාගෙන ඒවා තවත් වර්ධනය වනවා නොවේද? එසේ නම් අප් ඒ වල් පැල මුලින්ම ගලවා දැමිය යුතුයි. ඒවා ගලවා පුලුස්සා දැමිය යුතුයි.
 
ඒ වල් පැල ගලවා පුලුස්සා විනාසකර පස සකස්කර ගමු.


එම වල් පැල  ගලවා දැමීම පහසු නැත. එසේ කිරීමට නම් අප වල් පැල නාශක බෙහෙත් යොදා ගත යුතුය.

නමුත් එම බෙහෙත් අපගේ ගහේ මුල් වලට හානි නොවන ආකාරයට යොදා ගත යුතුය. අප එසේ කරන්නේ අප හදූනා ගත් වැරදි සිතුවිලි තේරුම් ගෙන එම වැරැදි සිතුවිලි නිවැරදි   කර ගැනීමෙන්ය‍. එමෙන්ම ඒ සිතුවිලි අපගේ යටි සිතටම මුල් ඇද ඇති බැවින් ඒවා යටි සිත තුලින්ම වෙනස් කල යුතුය. අප අපගේ ඒ වැරදි සිතුවිලි වෙනස් කර ගැනීමෙන්  අප අපගේ සිත මුදල් ඇද ගන්නා කාන්දම් බවට පත් කර ගන්නේය. එසේ වන්නේ කෙසේද?
 

යටි සිත සහ මොලය.

බොහෝ විට ඔබ අසා ඇති අපගේ යටි සිතේ බලය ගැන. අසා නැත්නම් ඒගැන ඉගන ගන්න. මන්ද යටි සිත ඉතා බලවත් අපට සිදූවන සෑම දෙයක්ම පාලනය කිරීමට යටි සිතට හැකිය.

අප තරයේ විශ්වාස කරන සෑම දෙයක්ම යටි සිත විසින් තදින් අල්ලා ගෙන ඒ දේවල් සිදූ වීමට සලස්වයි. අප ඒ විශ්වාසයන් නොදැනුවත්වම අපගේ යටි සිතට කාවැදීමට සලස්වා ඇත. ඒ අප කුඩා කල වැඩිහිටියන්ගේ සමහර  වැරදි මත විශ්වාස කිරීමෙන්, සමහර අප විශ්වාස කරන ආගමික අදහස් සහ අපට සිදුවී ඇති සමහර සිදුවීම් මගිනුයි. එමෙන්ම අපට පසුව සමහර අදහස් වැරදි යැයි වැටහුනද අප ඒ අදහස් වැරදි බව යටි සිතට කියා නොදීම නිසා යටි සිත තවමත් අපගේ  වැරදි මත සත්‍ය කරවීමට ක්‍රියා කරයි. එම නිසා අප ඒ වැරදි මත හරි ගස්වා ඒ මත යටි සිතින් ඉවත් කිරීමට සහ අලුත් හොද අදහස් යටි සිතට ලබා දීමට පුරුදූ විය යුතුය. අපගේ මුදල් ගැන ඇති අදහසුත් යටිසිතේ ඇති බලය මගින් ඇත්ත බවට පත් කරන සලැස්මක්  බව හොදින් මතක තබා ගන්න. මන් ඔබට කියන දේ විශ්වාස කිරීමට අපහසුයි නේද? එසේනම් සිතා බලන්න.

*ඔබට යම් කිසි වැඩි මුදලක් ලැබුනොත් ඒ මුදල නිකරුනේ කිසිදූ හොද දෙයක් නොකර ඉබේම වාගේ නැති වී යනවා අත් දැක තිබේද?

*ඔබගේ රැකියාවේ වැටුප වැඩි වී තිබේද? එසේ නමුත් තවමත් ඔබ කීයක් වත් ඉතුරු නොකර තවමත් එම සම්පුර්න පඩියම වියදම් කිරීමට සිදූ වනවා නොවේද?

*ඔබ ලොතරැයි ජයග්‍රහකයින් දැක තිබේද? ඔවුන් බොහෝ දෙනෙක් එම ජයග්‍රාහී මුලු මුදලම ඉතා ඉක්මනින් නාස්ති කරගෙන සිටිය තැනටම හෝ ඊටත් වඩා පහලට ඇද වැටෙනවා දැක තිබෙනවාද?

* අනික් පසින් සමහර කෝටිපතියන් දැක තිබෙනවාද? ඔවුන්ගේ සියලුම වත් කම් අහිමි උවත් නැවතත් ඔවුන් එම වත්කමම හෝ ඊටත් වඩා වත්කමක් හිමිකර ගන්නා ආකාරය.

මේ සියල්ලටම හේතුව අපගේ යටි සිතතුල ඇති අපගේ මුදල් සැලස්ම බව ඔබට විශ්වාසකල හැකිද? එපමනක් නොව අපගේම මොලය පවා අපගේ ගති පවැතුම්වල වෙනස් වීම් වලට එනම් අපගේ මුදල් වියදම් කිරීමේ පුරුදු පවා වෙනස් වනවාට ඉතා අකමැති තාවයක් දක්වන බව විද්‍යාඥයින් පර්යේෂන කර සොයා ගෙන තිබේ. අප්ගේ ලොකුම සතුරා අප තුලමයි  යන කියමන මෙයින් සම්පුර්නවේ. එමෙන්ම අපගේ සතුරන් සමග සටන් කර ජය ගැනීමට නම්  ඒ සතුරන් ගැන හැකි පමන රහස් අප දැන ගත යුතු බැවින් අපගේ යටි සිත සහ මොලය ගැන වැඩි  විස්තර ඔබව පුදූම කරවන විස්තර ටිකෙන් ටික කියා දීම මාගේ අරමුනයි.

එතෙක් ඔබගේ යටි සිත තුලටම මුල් ඇද ඇති මුදල් පිලිබදව සහ පොහොසත් කම පිලිබද සියලුම වැරදි මත මතක් කර ඒවා කොලයක ලියා ඒවායේ හරි වැරද්ද ඔබම මෙනෙහි කර ගැනීමට උත්සහ කරන්න. එමෙන්ම ඔබගේ උපකාරයට එම අදහස් ගැන විස්තර මා ලගදිම ඔබට ඉගෙන ගැනීමට සලස්වන්නම්.


මේ පිලිබද ඔබගේ අදහස් ඉතා අගනා බැවින් එම අදහස් පල කරන මෙන් ඉතා කරුනා වෙන් ඉල්ලා සිටිමි.
එමෙන්ම මෙම ලිපිය ඔබගෙ මිතුරන් අතරෙ Facebook හරහා බෙදාගෙනීමටත් අමතක නොකරන්න.



 

 

Labels: