අය වැය සාදා ගැනීමට ඔබට අවශ්‍ය දෑ හා සංවිධානය.




ඔබගේ අය වැය සාදා ගැනීමට පියවර නම් අපගේ ප්‍රථම ලිපිය තුලින් අප අය වැය සෑදීම ගැන හැදින් වීමක් ලබා දුන් අතර, මෙම ලිපියෙන් එහි පලමු පියවර ගැන සාකච්චා කරමු.

          ඔබ අපගේ අය වැය සෑදීමේ මීට ප්‍රථම ලිපිය කියවා නොමැතිනම් මෙතනින් ගොස් එය කියවා නැවත පැමිනෙන්න. එම ලිපිය මෙම ලිපි මාලාවෙහි හැදින්වීමකි.
ඔබගේ අය වැය සෑදීම ඉතා  නිදහස් මනසකින් යුතුව කල යුතු බැවින්, හොද විවේකී සහ නිදහස් කාලයක් මෙයට තොරා ගන්න. එමෙන්ම බාහිර ශබ්ද වලින් තොර හෝ අඩු ස්ථානයක් තෝරා ගන්න. එය ඔබගේ මනසේ ක්‍රියා කාරීත්වයට උපකාරී වේ. නමුත් දැනට අප අය වැය සෑදිමට අවශ්‍ය දෑ එකතු කර ගනිමු. එමෙන්ම ඔබගේ මාසික ඉපයීම් සහ මාසික වියදම් දැන ගැනීමට මෙම ලිය කියවිලි සහ දත්තයන් එකතු කර ගන්න.
1 ඔබගේ මාස කීපයක බැන්කු වාර්තා. (ඇතිනම්)
2 ඔබ ක්‍රෙඩිට් කාඩ් බාවිතා කරන්නේනම් එම වාර්තා.
3 ඔබගේ පෞද්ගලික නිවසේ හෝ ව්‍යාපාරයේ මාසික වියදම් වාර්තාවක්, එනම් මසකට වියදම් වන මිල ප්‍රමානය.
4 ඔබගේ ඉතුරු කිරීමේ මිල වාර්ථාවක්.
5 ඔබගේ අමතර ආදායම් ඇතොත් ඒවා ගැන වාර්තාවක්.
          මම මෙසේ වාර්තායැයි කීවත් ඔබ ඇත්තේන්ම කල යුත්තේ ඉතා සරල දෙයකි. එනම් පැහැදිලි කොලයක හොද පැහදිලිව ඔබගේ වැටුප හෝ ඔබගේ ආදායම් වෙන වෙනම පිලිවෙලට අංක දමා ලියා ගෙන, ඉදිරියෙන් එම මුදල ලියා ගන්න. එමෙන්ම වියදම්ද එසේ පිලිවෙලට ලියා ගන්න. ඔබ සාදන්නේ නිවසේ අය වැයනම් ඔබ ආහාර සදහා සහ අනෙකුත් අවශ්‍ය තාවයන් සදහා යන වියදම් පහත දැක්වෙන ආකාරයට පිලිවෙලට ලියා ගන්න.මෙම ලිපිය සමග ඔබට බාගත කර ගැනීමට හෝ පිටපත් කර ගත හැකි එම දත්ත ලිවීමේ සරල XL සැලස්මක් ලබා දීමට මා පිය වර ගතිමි . එය මෙතනින් ලබා ගන්න.
#
ඉපයීම් සහ වියදම් කිරීම් විස්‍තර
ඉපයීම්
වියදම්
1
 
 
 
2
 
 
 
...
 
 
 
 
          මෙම අව්ශ්‍ය දත්තයන් ඔබ ලග නොමැති නම් මාසයක් පමන ඉදිරියට සියලුම වියදම් කුඩා පොතක සටහන් තබා ගන්න හොදින් මතක තබා ගන්න එයත් ඉහත ආකාරයටම කුඩා පොතක සටහන් කර ගත හැකිය. අප පොහොසත් වීමට බලාපොරොතතු වන්නේනම් මේ සියලුම දැ නිසි ආකරයෙන් කල යුතුමය. අප එසේ කිරිමට මැලිවීමෙන් අප සෙමදාම සිටින්නට වන්නෙ දුප්පතුන් ලෙසටමය, එමනිසා මෙ ආකාරයට පොහොසතුන් කරන ක්‍රියා හරි ආකාරව කල යුතු බව මතක තබා ගන්න. එම නිසා මෙම ක්‍රියා උනන්දුවෙන් කිරීමට උත්සහ කරන්න. ඔබ මෙම සියලුම දත්ත එකතු කර ගත් පසු හරියටම ඔබගේ ඉපයීම් ගනන් සාදාගන්නේ කෙසේද කියා අපගේලබන පියවරෙන් එනම් ඔබගේ ඉපයීම් හදුනා ගන්න යන ලිපියෙන් සොයා බලමු.
එතෙක් අපගෙ අනෙකුත් ඔබගෙ අය වැය සදාගමු ලිපිත්, මෙම කෝටිපති මනසේ පලවන අනෙකුත් ලිපිත් කියවීමටත් එවා වැදගත් යැයි සිතේනම් Like කර මිතුරන් අතරෙ බෙදාගැනීමටත් අමතක නොකරන්න. එමෙන්ම ඔබගෙ අදහස් උදහස් අපට ඉතා වටින බැවින් එවද මෙහි පලකරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.

Labels: