ආයෝජනයට ඔබ සූදානම්ද?


ආයෝජනය මගින් සාමාන්‍ය ඉතිරි කිරීමකට වඩා ඉතා වැඩි වේගයකින් ඔබගේ වත්කම වැඩි කර ගත හැකි උවත් ඔබගේ දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල් ආයෝජනයට යෙදවීමට ප්‍රථම සම්පූර්න කල යුතු පියවරවල් කීපයක් ඇත. මෙම ආයෝජනයේ කෝඩුකාරයන්ට අත් වැල 2ක, නොහොත් ආයෝජනයට ඔබ සූදානම් ද? යන ලිපියෙන් අප එම පියවර වල් මොනවාද යන්න සලකා බලමු.

          ඔබ ආයෝජනයේ කෝඩුකාරයන්ට අත් වැල පලමු ලිපිය කියවා නොමැති නම් මුලින්ම එය කියවීම වඩා යෝග්‍ය වේ.

          ඔබ ආයෝජනයට පිවිසීමට  ප්‍රථම මෙම ප්‍රදාන සහ අනිවාර්‍ය සුදුසු කම් වලින් සම්පූර්න වීම ඉතා වැදගත් බව හොදින් මතක තබා ගන්න. එමෙන්ම මෙහි දැක්වෙන යම් යම් සුදුසුකම්, ඔබ පුහුනු වීම් සදහා ආයෝජනය කරන අතර තුරේ උවත් සම්පූර්න කර ගත හැකිය. දැන් අප ඒ සුදුසු කම් පිලිවෙලින් වටහා ගනිමු.

1 අධ්‍යපනය.

          ආයෝජනය කිරීම තුලින් ඔබගේ මුදල් යම්කිසි දුරකට අවදානම් තත්වයකට දැමීමට සිදුවනබව මතක තබා ගන්න. එමෙන්ම එය බිය වීමට කාරනයක් ද නොවේ. මන්ද ඔබ ඉතා සුලු ලාබයකට ඔබගේ මුදල් බැන්කුවක  තැන්පත් කිරීමත් එක්තරා දුරකට අවදානමක් බව ඔබ හොදින් කල්පනා කලොත් වැටහේවි. එමෙන්ම අවදානම වැඩිවන තරමට ලාබයද ඉතා වැඩි වේ. ඔබ ආයොජනය සම්බන්දව හොද අධ්‍යාපනයක් නොමැතිව ඔබගේ මුදල් යෙදවීම ඉතා අවදානම්ය. එම නිසා ආයොජනය කිරීමට ප්‍රථම ඒ සම්බන්ද හොද අධ්‍යපනයක්  ලැබීම ඉතා වැදගත්ය.

අපගේ මෙම ලිපි මගින් දැනට ඔබට හොද අධ්‍යාපනයක් නොමිලේමත්, පසුව පොහොසත් වීමේ පියවර නම් පාඩම් තුලිනුත් ලබා ගත හැකිය.

2 ආයෝජනයට ප්‍රය බරින් මිදෙන්න.

          මෙය අදාල වන්නේ ඔබ යම්කිසි ණයක් ගෙවන අයකු පමනක් නම්ය. ආයෝජනයට  ප්‍රම ඔබගේ සියලු ය ගෙවීමට හැකිනම් එය වඩා ආරක්ෂා කාරීය. අඩුම තරමේ ඔබගේ ණය වාරික කිසිදු පීඩනයකින් තොරව ගෙවීමට ඔබට හැකියාවක් ඇතිනම් පමනක් ආයෝජනය ගැන සිතුවාට කම් නැත. ඔබ මුදල් ණයට ගෙන ආයෝජනය කිරීමට සිතන අයකු නම්, ආයෝජනයෙන් වැඩි ලාබ ලැබීම සෑම මසකම ස්ථීර නැති බවත්, ඔබ ණයට ගත් මුදලේ පොලිය බොහෝවිට සෑම මසකම ස්ථීරවම ගෙවිය යුතු බවත් මතක තබා ගන්න. ඔබ ණය බරින් මිදීමට උත්සහ කරන අයෙකුනම් මෙම ණය බරින් මිදීමට යන ලිපි බොහෝ ප්‍රයෝජනවත් වෙනු ඇත.

3 ඔබගේ මූල්‍යමය ආරක්ෂාව තර කර ගන්න.

           ඔබ රැකියාවක් කරන අයකු උවත් ව්‍යාපාරිකයකු උවත් අනිවාර්‍යන්ම ඔබගේ මූල්‍යමය තත්වය යම් කාලයකට එනම් අඩුම තරමේ මාස 3කට වත් ආරක්ෂාකර ගැනීමට අමතක නොකරන්න. ඔබටත් ඔබගෙන් යැපෙන්නන්ටත් අවම වශයෙන් මාස 3ක් පමන වත් මුදල් ඉපයීමකින් තොරව ජීවත් විය හැකි තත්වයකට මුදල් ඉතිරි කර ගන්න. මේ සදහා ඉපයීම් ආරක්ෂා කරන රක්ෂනයක් සහ ජීවිතාරක්ෂනයක් තිබීම ඉතා වැදගත් බව මතක තබා ගන්න.

4 විශ්‍රාම වැටුපකට සැලසුම් කරන්න.

          ඔබ රජයේ රැකියාවක් කලත් රජයේ නොවන රැකියාවක් කලත් ව්‍යාපාරිකයකු උවත් ඔබට ඔබගේ වියපත් වියේදී සාමාන්‍ය හොද ජීවිතයක් ගත කිරීම සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයකට ආයෝජනය කරන්න. එය හැකි ඉක්මනින් ඇරබීම ඉතා වැදගත්‍ ය. ආයෝජනයට ප්‍රථම හොද ප්‍රථිලාබ අත් වන විශ්‍රාම වැටුපකට මුදල් යොද වන්න.

5 ඔබගේ ඉතුරු කිරීමේ අතිරික්තයක් තබා ගන්න.

ඔබ ආයෝජනය කරන විට ඔබගේ ඉතිරි කිරීමේ ගිනුමේ ඔබ ආයෝජනය කරන ප්‍රමානය මෙන් අවම තරමේ 9 ගුනයක් වත් ඉතිරි කර තැබීමට අමතක නොකරන්න. එම මුදලින් ඔබට ආයෝජනයේදී යම් ආකාරයකින් පාඩු සිදුවුව හොත් ඒවා ආවර්නය කර ගැනීමට හැකි වනු ඇත. කෙසේ නමුත් ඔබගේ ඉතිරි කිරීමෙන් කිසිම විටක 25% කට වඩා ආයෝජනය කිරීමෙන් වලකින්න. මෙම ආරක්ෂා කාරී පිලිවෙත් ගැන වැඩි විස්තර ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න.
         මෙසේ ආයෝජනය කිරීමට ඔබ සූදානම්ද? ඔබ සුදානම් නම් අපගෙ ආයෝජනයේ කෝඩු කාරයන්ට අත් වැලක් 3 ලිපියට ඔබට යා හැකිය, නැතිනම් මෙම පියවර 5 හොදින් තවදුරටත් අධ්‍යනය කරන්න. ආයෝජනය සම්බන්දව ඔබව දැනුවත් කිරීමට අප තවත් බොහෝ ලිපි ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොතතු වේ, එතෙක් ආයෝජනයේ කෝඩු කරයන්ගේ  අත් වැල 3 ලිපියෙන් අප නැවත හමු වන තුරු ඔබගේ පොහොසත් වීමේ පියවරයන්ට අපගේ සුබ පැතුම්.
ආයෝජනය සම්බන්දව ඔබගේ දැනුම කුමක් උවත් ඔබ අපගෙන් කොපමන ඉගන ගත්තත් ආයෝජනය කිරීමේදී එම ආයෝජනයෙන් ලැබිය හැකි ලාබ ගැන හෝ අලාබ ගැන අපගේ කිසිදු වගකීමක් නොමැති බව හොදින් දැන ගන්නා මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.
ආයොජනය සම්බන්දව ලියවී ඇති අනෙකුත් ලිපිත් කියවීමට අමතක නොකරන්න.
 
මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.
 
 

Labels: