ආයෝජනයේ කෝඩුකාරයන්ගේ අත් වැල.


ඔබ ආයෝජනය ගැන අසා තිබේද? බැන්කු ගිනුමක මුදල් ඉතුරු කීරීමට වඩා ආයෝජනය කිරීමෙන් ඔබගේ ඉලක්ක කරා ඉක්මනින් ලගාවිය හැකි බව ඔබ දන්නවාද? එමෙන්ම ඔබ පොහොසත් වීමේ පියවර තුලින්  පොහොසත් වීමට බලාපොරොත්තු වේ නම් ආයෝජනය අත්‍යාවශ්‍ය බව ඔබ දන්නවාද? එසේනම් නිවරදි සහ පලදායීව ආයෝජනය කිරීමට ඔබ දැන ගත යුතු ප්‍රදාන කරුනු මෙම ලිපි තුලින් ඉගන ගන්න.


මෙම ආයෝජනයේ කෝඩුකාරයන්ගේ අත් වැල නැමති ලිපි, කොටස් පහක ලිපි මාලාවක් ආකාරයට ඉදිරි පත් කිරීමට බලාපොරොත්තුවේ. මෙම ලිපි මාලාව තුලින් ඔබට,

1 ආයෝජනයට ඔබසූදානම්ද?

2 ආයෝජනය ඇරබීමට පියවර 5ක්.

3 ආයෝජනයට යොදවන්නේ අතේ ඇති මුදල්ද. නැතිනම් ඉතුරු කිරීම්ද?

4 ආයෝජනය කොටස් කිරීම.

5 ආයෝජකයකු ලෙසට ඔබ දැන ගත යුතු නීතිමය ගැටලු.

යන ආයෝජනයේදී ඔබ දැන ගතයුතු සියලුම කරුනු ඉගනගත හැකිය.
දැන් අප එම කොටස් පහේ සාරාංශය දැනගනිමු.

1 ආයෝජනයට ඔබ සූදානම්ද?

යන්නෙන් ඔබ ආයෝජනයට සූදානම්ද නැතිද යන්න ඔබටම දැන ගනීමට හැකි වනු ඇත. එමෙන්ම ආයෝජනයට සූදානම් විය යුත්තේ කෙසේද යන්නත් ඉගන ගත හැකිය.

2 ආයෝජනය ඇරබීමට පියවර 5ක්.

මෙම ලිපිය මගින් ඔබ ආයෝජනයේ පලමු පියවර තැබීමට ප්‍රථම දැන ගත යුතු සියලු කරුනු ගැන ඉගන ගැනීමට හැකිවනු ඇත.

3 ආයෝජනයට යොදවන්නේ අතේ ඇති මුදල්ද. නැතිනම් ඉතුරු කිරීම්ද?

මෙම ලිපියෙන් ඔබ ආයොජනයට මුදල් යෙදවිය යුත්තේ කෙසේද යන්න ඉගන ගත හැකිවේ. ඔබ අතේ ඇති මුදල සම්පූර්නයෙන් යොදවනවාද? නැත්නම් ඉතුරු කිරීමෙන් කොටසක් යොදවනවාද යන්න, එමෙන්ම එහි ඇති අවදානම ගැනත් ඉගනීමට හැකි වනු ඇත.

4 ආයෝජනය කොටස් කිරීම.

සියලුම බිත්තර එක කූඩයක නොදා වෙනත් කූඩ වල දැමීමෙන් එක කූඩයක් බිදී ගියත් අනික්වා ආරක්ෂා කර ගත හැකි බව ඔබ අසා තිබේද? මෙයත් එසේමයි. මෙම ලිපිය තුලින් ඔබට එසේ කරන්නේ කෙසේද යන්න ඉගන ගත හැකිය.

5 ආයෝජකයකු ලෙසට ඔබ දැන ගත යුතු නීතිමය ගැටලු.

ඔබගේ වටිනා මුදල් ව්‍යාජ ආයෝජන ආයතන වලින් රැක ගන්නා ආකාරය. ආයෝජනයේදී කලාතුරකින් හෝ ඇතිවිය හැකි නීතිමය ගැටලු සහ ආයෝජකයකු ලෙස ඔබට අත් විය හැකි වරප්ප්‍රසාද මෙම ලිපියෙන් ඔබට ඉගන ගැනීමට හැකි වනු ඇත.

          ආයෝජනය යනු ක්ෂනික මුදල් ඉපයීමේ ක්‍රමයක් නොවන බව හොදින් මතක  තබා ගන්න එමෙන්ම එය අනිවාර්‍යන්ම මුදල් ඉතුරු කරනවාට වඩා ඉක්මනින් මුදල් වැඩිකර ගැනීමට අවස්ථාවක් උදාකර දේ. නමුත් ආයෝජනයට ප්‍රථම ඔබ ඉතා හොදින් ආයෝජනය ගැන ඉගනීම අත්‍යාවශ්‍ය වන අතර අපගේ පොහොසත්වීමේ පියවර නම් පාඩම් තුලින් ඒගැන ඉගන ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම තව තවත් ආයෝජනය ගැන ලිපි මගින්ද තව තවත් ලොව පිලිගත් ආයෝජන ක්‍රම හදුන්වා දිම තුලින්ද ඔබව ආයෝජනය සම්බන්දව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ආයෝජනය සම්බන්දව ඔබගේ දැනුම කුමක් උවත් ඔබ අපගෙන් කොපමන ඉගන ගත්තත් ආයෝජනය කිරීමේදී එම ආයෝජනයෙන් ලැබිය හැකි ලාබ ගැන හෝ අලාබ ගැන අපගේ කිසිදු වගකීමක් නොමැති බව හොදින් දැන ගන්නා මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.

ආයොජනය සම්බන්දව ලියවී ඇති අනෙකුත් ලිපිත් කියවීමට අමතක නොකරන්න.
 

මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: