ඔබගේ අය වැය සාදා ගැනීමට පියවර


ඔබගේ අය වැය සාදා ගැනීම පොහොසතකු වීමේ පියවර තුල අත්‍යවශ්‍ය පියවරක් බව ඔබ දැනටමත් දන්නවා ඇත. එම අය වැය සාදා ගනීමේ ඇති වැදගත්කම නිසාම ඔබව ඒ පිලිබදව තව තවත් දැනුවත් කිරීමට මෙම ලිපි පෙල ඉදිරි ප‍ත් කරමි.


 මේ ලිපි අප කොටස් 5ක පියවර 5ක් තුලින් ඔබ වෙත වැඩි විස්තර සහිතව ගෙන ඒමට බලාපොරොත්තුවේ. එමෙන්ම පියවරෙන් පියවර අනුගමනය කර ඔබගේම අය වැයක් සාදාගැනීමට අත් වැලක් ලෙස ක්‍රියා කාර කම් පවා ඇතුලත් කිරීමට බලාපොරොත්තු වේ. මෙම ලිපිය ඔබගේ අය වැය සාදා ගැනීමට පියවර නම් ලිපි පෙලේ හැදින් වීම වේ.

          පෞද්ගලික හෝ තම නිවසේ හෝ ව්‍යාපාරයේ මුදල් හැසිරවීම් සම්බන්දව, අය වැයක් සාදා ඔබගේ මුදල් නිසි ආකාරව සැලසුම් කර වියදම් කිරීමෙන්, කිසි දිනක ඔබගේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී ඇති බව සිතා ඔබට දුක් වීමට අවස්ථාවක් උදා නොවනු ඇත. එමෙන්ම ඔබට මූල්‍යමය ඉලක්කයක් ඇතිනම්, එනම් ආයෝජනය සදහා මුදල් එකතු කිරීම, නිවසක් හෝ ඉඩමක් ගැනීම සදහා එකතු කිරීම, ඔබගේ විශ්‍රාම සැලසුමක් සදහා එසේත් නොමැතිනම් ඔබගේ යම් ණයක් ඇති නම් එය ගෙවීම සදහාත් මෙසේ අය වැයක් සාදා ගැනීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වේ.
            ඔබ ඔබගේම අය වැයක් සාදා එම අය වැය හරි ආකාරව ක්‍රියාත්මක කරවීමෙන් ඔබගේ මුදල් වියදම් කිරීමේ කාර්‍ය තුල ඔබවම පාලනය කර ගැනීමට හැකි වනු ඇත. ඔබ උපයන මුදලට වඩා වියදම් නොකිරීමටත් ඔබට අත්‍යවශ්‍ය වියදම් හරි ආකාරයට කිරීමටත් එය උපකාර කරනු ඇත.

සෑම මසකම වෙන් කර ගත් දිනයක ඔබ සාදා ගන්නා අයවැය නැවතත් පරීක්ෂ කර බලා වෙනස් කිරීමට ඇති තැන් වෙනස් කිරීම පුරුද්දක් කර ගන්න. එවිට යම් ආකාරයක ඔබගේ ජීවන වියදම් තුල හෝ ඔබගේ ඉපයීම් තුල වෙනසක් ඇතොත් එය සම බර කර ගැනීමට හැකි වනු ඇත.

ඔබගේ අය වැය පියවර තුලින් ඔබ ඉගන ගන්නා කරුනු.

1 අය වැය සාදා ගැනීමට ඔබට අවශ්‍ය දෑ හා සංවිධානය.

2 ඔබගේ ඉපයීම හදුනා ගන්න.

3 ඔබගේ වියදම් කිරීම් හදුනා ගන්න.

4 ඉපයීම් සහ වියදම් සන්සන්දනය සහ එවා සමබර කිරීමට උපදෙස්.

5 අය වැය සැලස්ම සාදා ගැනීම.

          මෙම ලිපිය ඔබගේ අය වැය සාදා ගැනීම පියවර නම් ලිපි පෙලේ හැදින්වීම වන අතර අනෙකුත් ලිපි තුලින් ඔබව හමු වීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබගේ පොහොසත් වීමේ පියවර තුලින් ලගාවන පොහොසත් අනාගතයට අපගේ සුබ පැතුම්.
මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: