නොපසු බට මිනිසුන්


නොපසු බට උ්සහයෙන් ජීවිය ජයග් මිනිසුන් 5ස් දෙනකු ගැන අප ගියවර ලිපියෙන් සොයා බැලුවා ඔබට මතක ඇති. අප මෙම ලිපියෙන්ද තවත් එවැනි ජයග්‍රාහි මිනිසුන් 5 දෙනකු ගැන සොයා බලමු.

 
අපගේ පලමුවන ලිපිය වන  කියවිමට යමක් නම් පිටුවේ පලවු නොපසු බට උත්සහයෙන් ජීවිතය ජයගත් මිනිසුන් 5ස් දෙනකු යන ලිපිය ඔබ කිවා නොමැතිනම් මෙතනින් එයට පිවිසෙන්න.
මෙම මිනිසුන් සහ ඔවුන්ගේ ක්‍රියා බොහෝ ප්‍රසිද්ද නමුත් ඔවුන්ගේ පටන් ගැන්ම එතරම් සාර්ථක නැත.

1 Henry Ford හෙන්රි ෆෝඩ්


          ලොව පුරා ප්‍රකට ඇමරිකානු  කාර් සමාගමේ නිර්මාතෘ වූ ෆෝඩ් ක්ෂනිකව සාර්ථක වූවකු නොවන බව ඔබ දන්නවාද? ඔහුගේ මුල් ව්‍යාපාර පස් වතාවක් පමන අසාර්ථක වී අගාදයට ඇද වැටී සිටියදී නව අදහස් සහ මිනිසුන්න්ගේ නියම අවශ්‍ය තාවන් වටහාගෙන ඔහුගේ අති සාර්ථක Ford  Motor ව්‍යාපාරය ආරම්බ කර ඇත.

2 Akio Morita අකියෝ මොරීටා


          ඔබ මෙම නම අසා නොමැති විය හැක. නමුත් ඔහුගේ ව්‍යාපාරය වන ලෝප්‍රකට Sony ව්‍යාපාරය අසා ඇතුවාට කිසිදු සැකයක් නැත. Sony ආයතනයේ පලමුවන නිර්මානය වී ඇත්තේ Rice Cooker නැත්නම් බත් ඉවීමේ විදුලි උදුනකි. නමුත් එය හොදින් බත්  උයනවා වෙනුවට බත පුලුස්සා දැමීම නිසා විකිනීමට හැකිවී ඇත්තේ උදුන් 100 ක පමන ඉතා සුලු ප්‍රමානයකි. මෙම පලමු අසාර්ථක වීමෙන් පසු නොබට අකියෝ සහ ඔහුගේ සගයින් Sony සමාගම අද කෝටි ප්‍රකෝටි ගනනින් වටිනා ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට සමත් වී ඇත.

3 Thomas Alva Edison තෝමස් අල්වා එඩිසන්



           මෙම නව නිර්මාන කරු මුලු ලෝකය පෙරලීමට සමත් උවත් ඔහුටද පසු බෑමට බොහෝ දෑ සිදු වී ඇති බව ඔබ නොදන්නවා විය හැකිය. ඔහු කුඩා කාලයේදී ඔහුගේ ගුරුවරුන් පවසා ඇත්තේ ඔහු කිසි දෙයක් ඉගන ගැනීමට අනුවන වැඩි බවයි. එමෙන්ම ඔහුගේ පලමු රැකියා දෙකෙන්ම ඔහුව පහ කර ඇත්තේ නිර්මාන ශීලීත්වය ඉතා අඩු බව පවසමිනි. එමෙන්ම ඔහු ඔහුගේ අති සාර්ථක විදුලි බුබුල සොයා ගැනීමේදී එය දස දහස් වතාවක් උත්සහ කර ඇත. නමුත් නොපසු බට උත්සහයෙන් එම සියලු අසාර්ථක වීම් අති සාර්ථක සොයා ගැනීම් වලට උපකාර කොට ගෙන ඇත‍.

4 Orville and Wilbur Wright ඕර්විල් සහ විල්බර් රයිට්


           මෙම සහෝදරයින් තම පා පැදි වැඩ පල ආරම්බයට ප්‍රථම තම පවුලේ ලෙඩ රෝග සහ මානසික පීඩා බොහොමයක් විද ඇත. පා පැදි වැඩ පල කර ගෙන යාමේ දි තම නව අදහස් අනුව අහසින් යා හැකි යන්ත්‍රයක් සෑදීමට උත්සහ කර අවුරුදු ගනනක් මහන්සිවීම් සහ බොහෝ අසාර්ථක වීම් මත උවද තම අදහස සාර්ථක කර ගැනීම නිසා අද අපට පහසුවෙන් ගුවනෙන් යා හැකි ගුවන් යානා නිර්මානය වී ඇත. එම සහෝදරයන්ගේ නොපසු බට උත්සහයෙන් අද ඉතා සාර්ථක ප්‍රවාහන සේවයක් ලොවපුරා මිනිසුන්ට ලැබී ඇත.

5 Elvis Presley එල්විස් ප්‍රෙස්ලි


          ඔබ බට හිර සංගීත ලෝලියකු නම් එල්විස් ප්‍රෙස්ලි නම අසා නැතුවාට කිසිදු සැකයක් නැත. එදා පටන් අද දක්වා සංගීත ලෝකයේ වැඩිම විකිනීම් ලද ඔහුගේ ගීත කොතරම් ප්‍රසිද්ද උවත් ඔහුත් බොහෝ පීඩා මැද සහ පහත හෙලීම් මැද ජීවිතය ජය ගත් කලාකරු වෙකි. ඔහු ප්‍රසිද්ද වීමට ප්‍රථම ඔහුට සංගීත ලෝකයේ කිසි අනාගතයක් නැතැයිද එමනිසා ආපසු බර වාහන රියදුරකු ලෙස තම රැකියාව කරන එක හොද යැයිද පවසා ඔහුගේ පලමු ඉදිරිපත් කිරීමට පසු Grand Ole Opry යන සමාගම් කලමනා කරු ඔහුව සේවයෙන් පහ කර පවා ඇත. නමුත් නොපසුබට උත්සහයෙන් සහ මහත් කැපවීම තුලින් ඔහු සංගීත ලොවේ ඉහලටම නැගි අයෙකු බව ඔබ සමහරවිට අසා අත.

           මෙහි සදහන් මිනිසුන් ව්‍යාපාරිකයන්ම නොවුනත් මාගේ අදහස වන්නේ එම මිනිසුන්ගේ සාර්ථකත්වය සහ නොයෙකුත් බාදක මැද වුවත් ඔවුන්ගේ ජීවිතය ජය ගැනීම ගැන විස්තර ඔබට කියා දී, ඔබ සිටින ස්ථානය කුමක් උවත් එම ස්ථානයේ සිට පවා සාර්ථකවී පොහොසත් මිනිසකු වීමට සහ ඔබගේ සිහින සැබෑකර ගැනීමට හැකි බව පෙන්වා දීමයි.

          මෙසේ අප මවු බිමේ පවා ඉතා සාර්ථක වූ වටිනා මිනිසුන් බොහෝ ඇත.ඔවුන් ගැනත් ඉදිරියේදී ලිපි පල කිරිමට මා අදහස් කරන අතර, එවන් වටිනා පුද්ගලයන් ගැන ඔබ දන්නවා නම් මා හට එම විස්තර දන්වා එවන මෙන් කරුනා වෙන් ඉල්ල සිටිමි. එය මේ කෝටිපති මනස කියවන, පොහොසත්වීමේ පියවර ගේන තම සිහින සැබෑකර ගැනීම සදහා ගමන් කරන අප රටේ ජනතාවට මහගු අත් වැලක් වනු ඇත.
මේම ලිපිය පිලිබද ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: